hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 13, පෙ.ව. 9:07



තමා විසින් ගත් තීරණම මෙම අයවැයේ පවතින බවත් තමා ඒ සම්බන්ධයෙන් සතුටු වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ (12) දෙරණ නාලිකාවේ පැවති සජීවී සංවාද වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මම සතුටු වෙනවා මම ඒ ගත්ත සෑම දෙයක්ම මේ අයවැයේ තියෙන්නේ. භාහිරව කරලා නැහැ. ඒ භාහිරව යම් දෙයක් කළා නම් කරලා තියෙන්නේ අපේ මූලික පක්ෂයේ ප්‍රතිපත්ති වලට පටහැනිව. නමුත් මේ වෙලාවේ අවශ්‍යතාවයක් සිද්ද වෙනවා නම් ඒක කළ යුතුයි කියන එක අපි කියනවා. අපි උත්සාහ කළේ අපේ මූලික පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ජනතාවටත් සහන සලසමින් ජනතාවට උහුලන්න පුළුවන් බරක් ඉදිරිපත් කරමින් ඒ කටයුත්ත කරන්න.”

පසුගිය වසරේ අයවැය ඉදිරිපත් කළේ මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා විසින්.

අරගලයෙන් පසු සිදු වූ ආණ්ඩු මාරුවෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වූ පසු ජනාධිපතිවරයා ලෙස මංගල අයවැය ඉදිරිපත් කළේ පසුගිය 14 වනදායි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: