hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූනි 19, පෙ.ව. 11:49



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රංශ සංචාරයෙන් පසු කැබිනට් සංශෝධනයක් සිදුකරන බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව නව කැබිනට් අමාත්‍යවරුන් හය දෙනකු දිවුරුම් දීමේ සූදානමක් ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දුන්නා.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකදී පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වනවා.

හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්. එම්. චන්ද්‍රසේන, සී. බී. රත්නායක සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් එහි සඳහන්.

මෙහිදී නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ජනතාවට සේවය කරන්න ඇමැතිකමක් අනවශ්‍ය බවයි.

ජනාධිපතිවරයා විදෙස් සංචාරයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ මෙවැනි අවස්ථාවකදී තවත් අමාත්‍ය ධුර පිරිනැමීම නුසුදුසු නමුත් බැසිල් රාජපක්ෂ මහතාගේ බලවත් ඉල්ලීම මත අකැමැත්තෙන් වුවද මෙම අමාත්‍ය ධුර හය සිදුවී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: