hit counter

2023 සැප්‍තැම්‍බර් මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 01, පෙ.ව. 9:08



යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු වන බවට දින වකවානුද සහිතව පසුගිය කාලය පුරා විවිධ ආරංචිපැතිර ගිය අතර, පොහොට්ටුවේ මන්ත්‍රීවරුද ඒ පිළිබඳව දැඩි ලෙස බලාපොරොත්තු ඇතිව සිටි බව වාර්තා වනවා.

මේ අතර ඇමතිධුර ලබා දිය යුතු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ද එම පක්ෂයේ නායකයන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට මාස ගණනාවකට පෙර යවනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: