hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 14, පෙ.ව. 7:05



ආණ්ඩුවේත්, විපක්‍ෂයේත් පිරිසක් ඇමති ධූර ඉල්ලා පිල් මාරුවකට සූදානම් සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

නමුත් එම පිරිස ඇමති ධූර ඇතුළු වරප්‍රසාද ඉල්ලා සිටීම හේතුවෙන් ආණ්ඩුව තුළ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් හට ගෙන තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස අද (14) 2023 වසර සඳහා අය-වැය ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊට පෙර ඇමැති ධූර අපේක්‍ෂාවෙන් විපක්‍ෂයේ සහ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කැඳවීමක් ලැබෙන තෙක් බලා සිටිය ද මේ වන තෙක් එවැන්නක් සිදු වී නැතැයි වාර්තා වනවා.

අය-වැය විවාදය පැවැත්වෙන අතරතුර බොහෝ විට ලබන සතියේ ඇමති මණ්ඩලය සංශෝධනයක් සිදුවීමට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

සමගි ජන බලවේගය නියෝජනය කරන රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක් වී සහය පළ කිරීමට එකඟත්වය පළකර ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසුවා.

සමගි ජන බලවේගයට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්ව සහය දැක්වීමට එකඟත්වය පළ කර ඇති අතර ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රි පිරිසක් ද රජයට සහය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කිරීම නිසා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සංයුතියේ වෙනස්කම් ඇති වන බව ද වාර්තා වනවා.

මැතිවරණ සහ ඇමති ධූර අපේක්‍ෂාවෙන් විපක්‍ෂයේ සහ ආණ්ඩු පක්‍ෂයේ විවිධ මත දරන කොටස් කටයුතු කිරීම නිසා ජනාධිපතිවරයාට කේවල් කිරීමේ පරිසරයක් නිර්මාණය වී ඇතැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: