hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 30, පෙ.ව. 9:21



කල් යමින් පවතින අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ මේවනවිටත් සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම කැබිනට් සංශෝධනය සිදු කරන දින වකවානු පිළිබඳ තීරණයක් ගෙන ඇති බවද වාර්තා වනවා.

ඒ අනුව ජනවාරි මාසයේ අවසානයේදී මෙම කැබිනට් සංශෝධනය සිදු කරන බවයි එම ආරංචි මාර්ග පැවසූවේ.

එම කැබිනට් සංශෝධනයෙන් පසු පළාත් ආණ්ඩුකාර ධූර වලට නව පත් කිරීම් සිදු කිරීමද නියමිතයි.

මෙම ආණ්ඩුකාර ධූර ලබා දීමේදී අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, පාලිත රංගේ බණ්ඩාර තිදෙනාට ආණ්ඩුකාර තනතුරු හිමිවීමට නියමිත බවද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: