hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 10:56



ආණ්ඩුවේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් තේරීම හිටපු ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ සහ මලික් සමරවික්‍රම අතට පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළා.

ඔවුන් මේ දිනවල විවිධ පාර්ශව කැඳවමින් මේ ගැන රහසිගත සාකච්චා පවත්වන බවද වාර්තාවේ.

ඊට අමතරව විපක්ෂයේ බලවේගයක් ඉදිරි ජනාධිපතිවරණයට ගෙන ඒම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද රහසිගත මෙහෙයුමක් දියත් කරමින් සිටින බවද වාර්තා වෙනවා.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකත්වයට පත්වුවහොත් හිටපු ජනාධිපතිවරිය එම මෙහෙයුම නතර කර ඔහුට සහාය දීමට තරණය කර ඇති අතර එය ස්ථිරවශයෙන්ම සිදුවනවාද නැද්ද යන්න තීරණය වන්නේ රාජපක්ෂ කඳවුර හෝ එහි කිසිවෙකු වික්‍රමසිංහ මහතාට සහාය නොදෙනවානම් පමණක් බවද දැන ගන්නට ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: