hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 නොවැම්‍බර් 20, ප.ව. 1:24



විපක්ෂය විසින් තමා වෙත එල්ල කර ඇති ලිංගික අල්ලස් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ තමා පාර්ලිමේන්තුවේ නොසිටි මොහොතක මෙවැනි චෝදනාවක් එල්ල කිරීමෙන් තමාගේ මන්ත්‍රී වරප්‍රසාද බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කථානායකවරයා වෙත තමා ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවත් පැවසු රංජිත් බණ්ඩාර මහතා, අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස ද කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

තමා එම චෝදනාවට වරදකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත්, චෝදනාව එල්ල කළ මන්ත්‍රීවරයා වරදකරු වුවහොත් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දණ්ඩනයට ලක්විය යුතු බව ද රංජිත් බණ්ඩාර මහතා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: