hit counter

2026 ඔක්‍තෝබර් මස 02 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 06, පෙ.ව. 9:19



රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සජබ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඇති වු සිද්ධිය පිළිබඳව කරුණු සොයාබැලීමට පත් කළ කමිටුව අද (06) රැස්වීමට නියමිතව තිබෙනවා.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා කියා සිටියේ අද දිනයේ මෙහි පාර්ශ්වකරුවන් සියළු දෙනා කැඳවීමට නියමිත බවයි.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුගේ ද සහාය ලබාගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ තලතා අතුකෝරළ යන මහත්මීන් අද දිනයේ පැවැත්වෙන මෙම කමිටුව සඳහා එක්වීමට නියමිත බවද වාර්තාවේ.

පසුගිය දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජනබලවේලය පක්ෂයේ රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබු අතර ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කමිටුවක් පත්කිරීමට කටයුතු කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: