hit counter

2026 ජනවාරි මස 07 වන බදාදා

2024 මාර්තු 23, ප.ව. 2:47



තමන් ඉල්ලීමක් කළහොත් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස්වලින් තමාට හොඳ පිළිගැනීමක් ඇති බවයි.

විපක්ෂයේ සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) ඇතුළු සියලුම දේශපාලන පක්ෂ සමඟද තමන් සුහදව කටයුතු කරන බවද ඔහු අනාවරණය කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ද මේ සතියේ (මාර්තු 20) ආරම්භ වුණා.

‘මානුෂික ජනතා සන්ධානය’ ලෙසින් හඳුනාගෙන ඇති මෙම නව දේශපාලන කණ්ඩායම දේශපාලන සහ සිවිල් සමාජ කණ්ඩායම් 20කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: