hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2024 මැයි 09, පෙ.ව. 11:33



පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

ඒ, ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුර‍ය අහෝසි වීම හේතුවෙන්.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුපාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය 2024 මැයි 08 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු, මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබෙනවා.

ඒ, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: