hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මැයි 08, පෙ.ව. 10:23



අලුතින් ආණ්ඩුකාරවරුන්, ඇමතිවරුන් පත් කිරිමට රජය කටයුතු කරමින් සිටින බවත් එසේ කවුරු පත් කලත් පැවැත්විමට නියමිත කිසිදු මැතිවරණයකින් වත්මන් රජයට බලයට ඒමට නොහැකි බවත් දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා පවසනවා.

හැටන් නගරයේ උත්සව ශාලාවකදි පලනි දිගම්බරම් මහතා නායකත්වය දරණ කම්කරු ජාතික සංගමයේ, කම්කරු ජාතික පෙරමුණේ පක්ෂ සමාජිකයන් දැනුවත් කිරිම සදහා ඊයේ (07) දින පැවති රැස්විමකදි ඔහු ඒ බව සඳහන් කළා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ මේ වසරේ කිසිදු මැතිවරණයක් පැවැත්විමට රජය කටයුතු නොකරන බවයි.

2024 වසරේ ජනාධිපතිවරණය පළමුවෙන් පැවැත්විමට මේ වන විට පසුබිම සකස් කරමින් සිටින බවත්, ජනාධිපතිවරණය පැවැත්වුවහොත් එම මැතිවරණයෙන් මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ජනතාව තෝරාපත් කරගනු ලබන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: