hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 27, පෙ.ව. 7:06



අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන සයුරට යා නොදීමේ පැරකුම් සංකල්පය මහ පොළව තුළ පැළ කර, ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වයදී ස්වයංපෝෂිත ගම්මාන රට පුරා ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, උතුර, නැගෙනහිර, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු යන පළාත් 7ක, දිස්ත්‍රික්ක 15ක, පානීය ජල අපහසුතා පවතින ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතන සඳහා රුපියල් මිලියන 490 ක වියදමක් දරා පානීය ජල බවුසර් රථ 35 ක් බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින්.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළා,

“පානීය ජලය රැගෙන යන මේ ජල බවුසරය අදාළ පළාත් පාලන ප්‍රදේශ‍යෙන් පිටතට හදිසි අවස්ථාවට රැගෙන යන පරාර්ථකාමී හැඟීම ද ක්‍රියාවට නැංවිය යුතුයි. නවීන උපකරණවලින් සමන්විත බවුසර රුපියල් මිලියන 500 න් එහාට ගිය සම්පත් ජාලාවකි. එම සම්පත් නඩත්තු කර, ආරක්ෂා කර, ජනතාව වෙනුවෙන් සේවයට යොදවන ලෙස සියලු පළාත් පාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා .ජනතාවගේ පානීය ජල ගැටලුවලට විසඳුම් ලබා දීමට පසුගිය රජයන් විවිධ ව්‍යාපෘතින් හඳුනාගෙන ආරම්භ කළ ත් ඒ සමහර ව්‍යාපෘතීන් අතරමග නැවතී තිබෙනවා.

අපි රජයක් ලෙස මේ වන විට අවධානය යොමු කර තිබෙනවා, මේ අතරමග නැවතී ඇති එම ව්‍යාපෘති යළි සක්‍රීය කොට වැඩ අවසන් කිරීමට. මම ත් පසුගිය රජයන්වල ජල සම්පාදන අමාත්‍යවරයෙකු විදියට කටයුතු කරල තියෙනවා.මම ඒ නිසාම දන්නවා උතුර ,නැඟෙනහිර පළාත්වල පවතින ජල ගැටලුව. කොහොම වුනත් අද මේ ගන්නා වූ ප්‍රයත්නයත් ඒ ප්‍රදේශවල ජනතාවගේ ජල ගැටලුවලට විසඳුම් ලබා දීමට ඉවහල් වේවී කියල මම කල්පනා කරනවා. අලුත් අදහස්වලින් පිරුණු, අලුත් අභියෝග ජයගන්නා කාලයකට පිවිසෙන්න අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා හැටියට සූදානම් ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: