2022 සැප්‍තැම්‍බර් 26, ප.ව. 1:30
            
ඉදිරියේ දී නැවතත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රජයක් බිහි කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
තමන් රජය යටතේ සිටින කාලයේ දී ඇතැම් ගත් තීන්දු තීරණ ජනතාවට දැඩි බලපෑමක් එල්ල කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඔහු මේ බව පැවසුවේ ඊයේ මහනුවර පැවති රැස්වීමකට එක්වෙමින්.
”තව අවුරුදු දෙක හමාරක් තියෙනවා මැතිවරණයක් සඳහා යන්න. ජනාධිපතිවරණයකට, පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. පළාත් පාලන මැතිවරණය තියෙන්නේ මාර්තු මාසේ. මම විශ්වාස කරනවා දෙසැම්බර් මාසේ වෙනකොට මේ තියෙන අර්බුදය සෑහෙන දුරට රටට මගහරවා ගන්න පුළුවන් වෙයි කියලා. නැවතත් මේ රට යථාවක් කරලා, මේ පක්ෂය ඉදිරියට අරගෙන මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් අපේ රජයක් බිහි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළ ප්‍රකාශයෙන් අර්ථ ගැන්වෙන්නේ ළඟදීම දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමට සූදානම් බවයි.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
30-10-25
                                            30-10-25
29-10-25
                                            29-10-25
29-10-25
                                            29-10-25
28-10-25
                                            28-10-25
20-10-25
                                            20-10-25
18-10-25
                                            18-10-25
18-10-25
                                            18-10-25
18-10-25
                                            18-10-25
17-10-25
                                            17-10-25