2022 දෙසැම්‍බර් 08, ප.ව. 1:19
ලබන වසරේදී ජනතාවට ජනාධිපතිවරණයක් බලාපොරොත්තු විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.
විපක්ෂය දිගින් දිගට ම මැතිවරණයක් ඉල්ලා සිටින බැවින් ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය එක ම දිනකදී පැවැත්විය හැකිදැයි තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කළ බවයි හිටපු ඇමැතිවරයා සඳහන් කළේ.
ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව අගෝස්තු වනවිට ජනාධිපතිවරණයකට යා හැකි බවත් ඒ අනුව විධායකයට පත්කළ යුත්තේ කවුරුන්දැයි ජනතාවට තීරණයක් ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් ඔහු කියා සිටියා.
ජනතාවගේ හොඳ ම තේරීම වී ඇත්තේ ජනාධිපතිවරණයක් බවයි ඔහු ප්‍රකාශ කළේ.
නවීන් දිසානායක මේ බව පැවසූවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වසර පහකට පත්වුව ද ඔහු ඉවත්ව ගිය බැවින් මැතිවරණයකින් අලුත් ජනාධිපති කෙනෙකු පත්කළ යුතු බවත් ව්‍යවස්ථාව අනුව බැලූවිට ද ලබන වසර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා හොඳ ම කාලය වන බවත් හිටපු ඇමතිවරයා කියා සිටියා.
ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය එක දිනයකදී පැවැත්වුවහොත් වියදම් හා නාස්තිය අඩුකරගත හැකි බව ද හෙතෙම සඳහන් කළා.
2025 මැයි 20, ප.ව. 6:18
2025 මැයි 20, ප.ව. 5:22
2025 මැයි 20, ප.ව. 5:09
2025 මැයි 20, ප.ව. 2:47
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
18-05-25
18-05-25
18-05-25
18-05-25
17-05-25
17-05-25