hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජනවාරි 31, පෙ.ව. 7:18



අරගලකරුවන්ගේ උද්ඝෝෂණයට මුහුණදිය නොහැකිව රට හැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආපසු සිය රටට පැමිණියත්, පසුගිය 26 වැනිදා වනතුරු කිසිදු ප්‍රසිද්ධ උත්සවයකට හෝ සාදයකට හෝ සහභාගි නොවූ බව වාර්තා වනවා.

ඔහු පසුගියදා සිය බිරිය සමඟ ඩුබායි ගොස් සිටි අතර එහි පෞද්ගලික සත්වෝද්‍යානයක ලබාගත් ඡායාරූප ප්‍රසිද්ධියට පත්කොට තිබුණා.

පසුගිය 26 වැනිදා ඉන්දීය තානාපති නිල නිවෙසේ පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයට ඔහු සහභාගි වී තිබෙනවා. මෙම අවස්ථාවට ඔහු පැමිණ ඇත්තේ ආරාධිතයකු ලෙසයි.

ජනරජ දින භෝජන සංග්‍රහයට පැමිණ සිටි ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා එහි සිටි දේශපාලනඥයන් සමඟ සුහද කථාබහක යෙදී සිටිනු දක්නට ලැබුණු බව වාර්තා වනවා.

ජනාධිපති ධුරය අත්හැරීමෙන්, පසු මෙදින වනතුරුම ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටි බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම සාදයට විදේශ තානාපතිවරු, මැති ඇමැතිවරු පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

භෝජන සංග්‍රහයට සහභාගි වූ අයට ඒ අවස්ථාවේ ගත් ඔවුන්ගේ ඡායාරූපය ඇතුළත් රාමුවක්ද තිළිණයක් ලෙස පිළිගැන්විණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: