2022 නොවැම්‍බර් 22, පෙ.ව. 8:29
 
            
අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී අද(22) පස්වරුවේ පැවැත්වේ.
අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් දැනටමත් ප්‍රකාශ කර ඇති හෙයින් ඡන්දයේ ප්‍රතිඵල ආණ්ඩුවට අවාසිදායක වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඊයේ (21) සවස රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ද අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබුණා.
උත්තර ලංකා සභාගය නියෝජනය කරන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අයවැය දෙවන වර කියවීමේ ඡන්ද වීමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති අතර නිදහස ජනතා සභාව නියෝජනය කරන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්ද ලබා දීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ඊයේ සඳහන් කර තිබුණා.
දැනට ඇති පාර්ලිමේන්තු සංයුතියට අනුව ආණ්ඩුවට ඇත්තේ ආසන 116ක බහුතරයක්.
විපක්ෂයට මන්ත්‍රීවරුන් 108ක ප්‍රමාණයක් සිටින බව දැනගන්නට තිබෙනවා.
ඒ අනුව යම් හෙයකින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවහොත් අයවැය පරාජයට පත්වීමේ අවදානමක් ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය දින අටක් පුරා පැවැත්වුණා.
විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය 14 වැනිදායි.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට(23) ආරම්භ වීමට නියමිතයි.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25