hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 04, පෙ.ව. 12:10



මාරාන්තිකව අසනීපව පවතින රට ගොඩනැගීම සඳහා සිටින හොඳම වෛද්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඒ අනුව ඔක්තෝබර් 14 වන දින නව ජනාධිපතිවරයෙකු මේ රටේ පත්වෙන බවත් ඔක්තෝම්බර්  මාසයේ පළමු සතියේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ඉඩම් යෞවන ක්‍රීඩා කටයුතු පිළිබඳව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසුවා.

කවුරුන් අකමැති වුව ද අකමැත්තෙන් වුවත් ඉදිරියේ දී රනිල් වික්‍රමසිංහ මහතා එක වතාවක් හෝ ජනාධිපති කරවීම සඳහා රටේ ජනතාවට වගකීමක් පැවරෙන බව ද හෙතෙම සඳහන් කළා.

මේ දිනවල ජනතාව තිත්ත බෙහෙත් බිව්වද දැඩිසත්කාරයේ සිටි රෝගියා වාට්ටු කාමරයට දමා තිබෙන නිසාවෙන් නැවත දැඩි සත්කාර ඒකකයට යනවාද තීරණය කලයුතු බවද හරින් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසුවා.

රටේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙන උරුමය නමින් ඔප්පු මිලියන දෙකක් ප්‍රධානය කිරීමේ ජාතික උත්සවය 05 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කොට තිබෙනවා.

එහි වැඩසටහනේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේදී හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (03) මේ බව සඳහන් කළා.

විශේෂයෙන් දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය නැවත ක්‍රීඩාවට හඳුන්වාදීම අලුතින් ඉදිකරන ලද විදුලි ආලෝක ධාරා විවෘත කිරීම ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද නව පිහිනුම් තටාකය විවෘත කිරීම දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීම එදිනට සිදුකෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පක්ෂ විපක්‍ෂව දේශපාලන අධිකාරියට මෙම උත්සවයට ආරාධනා කොට තිබෙන බවත් ඒ අනුව 05 දින පස්වරු 4.30  සිට 6.30 දක්වාලය තුළ ඉඩම් ඔප්පු දොළොස් දහසක් පමණ ප්‍රදානය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවද එම වැඩසටහන උරුමය නමින් නම් කර ඇතැයි හරින් ප්‍රනන්දු මහතා පෙන්වා දුන්නා.

ලබන  15 වනදායින් පසුව පළාත්  මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින්  ඉඩම්  ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙන බවද සඳහන් කළා.

මාස 15වක පමණ ඉතා කෙටි කාලයකදී  ඉතාම පහළ මට්ටමකට වැටී තිබුණු රට අන්තිම සංචාරකයත් ලංකාවෙන් පිටත් යන අවස්ථාවක ලෝකයම පිළිගත්ත එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඉදිරියේ ජනාධිපතිවරණයේදී තමන් කැට තබා ප්‍රකාශ කරනු ලබන්නේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවයි.

රටේ මැතිවරණවලින් සියයට තුනක් ගත් කණ්ඩායම් තවත් සියයට 47 ක් සොයා ගැනීම සිහිනයක් බවත් එම සිහින කිසිදු දිනක සැබෑ නොවන බවද හරීන් ප්‍රනන්දු මහතා පෙන්වා දුන්නා.

ලෝකයේ රටක් බංකොලොත් වෙද්දි කෙටිම කාලයකින් ගොඩදැමු එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවද පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ රෝගියෙකු මිය යෑමට දරද්දී තිත්ත බෙහෙත් ලබාදීමට සිදුවන බවයි.

රෝගීන් සුවපත් කරන හොඳම වෛද්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහුට තවත් එක අවස්ථාවක් රටේ ජනාධිපති ලෙස අකමැත්තෙන් වුවත් ජනතාවට පත්කර ගැනීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: