2024 දෙසැම්‍බර් 03, ප.ව. 2:24
මෙම පාර්ලිමේන්තුව ඓතිහාසයක වරමක් නියෝජනය කරන පාර්ලිමේන්තුවක් බවත් රටේ ජනතාව සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන තන්ත්‍රය ප්‍රතික්ෂේප කර තිබෙන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.
ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලන නොව බලය අවභාවිත කරන දේශපාලන සංස්කෘතිය බව, ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අරඹමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළාය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළේ,
“ජනපතිට කොළ කෑල්ලක්වත් බලා නොගෙන කතාව කරන්නට හැකිවුනේ කොහොමද.? ඒ අප සැම එකතු වී අවුරුදු ගණනාවක් එකතු වී හදාගත් සාමූහික ප්‍රතිපත්තියයි. මෙය අප එක රැයකින් කළ දෙයක් නොවේ. කාලයක් තිස්සේ ගොඩනගා ගත් ස්ථාවර ප්‍රතිපත්තියක් අප එලෙස ඉදිරිපත් කළා.
මේ ඓතිහාසයක වරමක් නියෝජනය කරන පාර්ලිමේන්තුවක්. ජනතාව විසින් සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන තන්ත්‍රය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අලුත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය ජනතාව අවධාරණය කර තිබෙනවා. මේ පණිවිඩය අප හරියට තේරුම් ගත යුතුයි.
කාලයක් තිස්සේ අපේ රටේ ආණ්ඩුකරණය දැඩි පිරිහීමට ලක්ව තිබුණා. ඒ මගින් බලය අනිසි ලෙස පාවිච්චි වුණා. දූෂණය වැඩි වුණා. එවැනි දූෂිත දේශපාලන සංස්කෘතිය ජනතාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. සම්ප්‍රදායික දේශපාලන පක්ෂ නායකයන් ජනතාව විසින් පිළිකුලින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අපේ රටේ ඡන්දදායකයා මොකක්ද පෙන්නුම් කළේ. දේශපාලනය නෙමෙයි ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඒ දූෂිත බලය අවභාවිතා කරන ඒ දේශපාලන සංස්කෘතියයි ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ.
ඒ වෙනුවට අලුත් දේශපාලන සංස්කෘතියක් නියෝජනය කරන ජනතාවාදී සහභාගීත්ව, ප්‍රජාතන්ත්‍රවාදය තියෙන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගන්නත්, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නත්, දේශපාලනිකව ඒකට මැදිහත් වෙලා ඒකට විසඳුම් සොයා ගන්නත් අපේ රටේ ජනතාව තුළ ඒ බුද්ධිය, සහ අපේ රටේ ඒ දේශපාලන පරිනතභාවට තියෙන බව ඔවුන් ඔප්පු කරලා තියෙනවා.
එහෙනම් අද අපි පිළිගත යුත්තේ පොදු ජනතාව තුළ පිබිදීමක්, පොදු ජනතාව තුළ අවදි වීමක් හරහා විශාල ජනතා ජයග්‍රහණයක්. ඒ ජනතා ජයග්‍රහණය ලැබීම මේ පාර්ලිමේන්තුව තුළත් පිළිබිඹු වෙනවා.
ඒ වගේම මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරන්නත් ඓතිහාසික අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව අපි කිසිසේත්ම මගහරින්නේ නෑ කියන එකත් හොඳට මතක තබා ගත යුතුයි.”
2024 දෙසැම්‍බර් 31, ප.ව. 5:11
2024 දෙසැම්‍බර් 26, ප.ව. 10:12
2024 දෙසැම්‍බර් 20, ප.ව. 5:40
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
05-01-25
05-01-25
04-01-25
04-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25