hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මැයි 22, පෙ.ව. 10:15



ජනාධිපතිවරණයකට මුහුණ දීමට ආණ්ඩුව මෙන්ම සිය පක්ෂයද සුදානම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරනවා.

ආණ්ඩුවේ සියළු පාර්ශව ඒ සඳහා සුදානම් බවත් ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට රටට වැඩ කළ රටට වැඩ කළ හැකි පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් ඔහු අනිවාර්යෙන්ම මෙරට ඊළඟ ජනාධිපතිවරයා වනු ඇති බවටද විශ්වාසය පළ කරන බවත් ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු රැස්වීමේදී ඇමතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කියා සිටියා,

“රටේ ජනතාව ඉල්ලන්නේ ජාතික මැතිවරණයක්. ඒ අනුව ජනාධිපතිවරණයකට අපේ පක්ෂයත් ආණ්ඩුවත් සුදානම්.  මේ ජනාධිපතිවරණයට අපි වැඩ කළ වැඩකළ හැකි පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. ඔහු තමයි අනිවාර්යෙන්ම මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා වෙන්නෙත්. මොකද තවමත් අපේ රටේ ප්‍රගතිශීලි කඳවුර ඉන්නේ අපිත් එක්කයි.

ජනාධිපතිවරණයක් ඉල්ලා කෑ මොර දුන්නට ජවිපෙ ඉතිහාසයේ වැඩි වාර ගනණක කරලා තියෙන්නේ ජනාධිපතිවරණ මඟ ඇරපු එක. ඔවුන් ඇත්තටම ජනාධිපතිවරණයකට බයයි. ජනතාව ඉදිරිපිට බොරු සුරංගනා ලෝක මැව්වට ජවිපෙ කියන්නේ ප්‍රායෝගික දැනුමක් තියෙන දේශපාලන පක්ෂයක් නෙමෙයි.

මේ වෙනකොට පළාත් පාලන නියෝජිතයන්ගේ කාලය අවසන් වෙලා තියෙනවා. හැබැයි ගමේ ජනතාවට වඩා කිට්ටුම චරිතයක් තමයි පළාත් පාලන මන්ත්‍රීවරු. ජනතා සේවයෙන් තොරව මේ අයට ඉන්න විදියක් නෑ. රටේ නීති රීති තියෙනවා. ඒක ඇත්ත. නමුත් ජනතා සේවයට ඒවා බාධා නෙමේ. ඒ නිසා ගමේ මහජන සේවය නතර කරන්න එපා කියලා මම මේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා. සුපුරුදු පරිදි ගමට ගිහින් ගමේ ඔබේ සේවය යළි ආරම්භ කරන්න.” යැයි ඇමතිවරයා ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: