hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජනවාරි 24, පෙ.ව. 10:59



“රනිල්ට ජනවරමකුත් නෑ. ආණ්ඩුවට ජනවරමකුත් නෑ” එය දේශපාලන අදහසක් වුවද ඊට සහතියක් නොමැති බවත් මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට ජනවරමක් නොමැති බවට සහතිකයක් ලබා දීමට හැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසනවා.

“ජාතික ජනබලවේගයට ඉහලම ජනවරමක් සහ ආණ්ඩුවට සහ රනිල් ජනවරමක් නැත” යන සහතිකය ලබන මාර්තු 09 වැනිදා තමන් අතට ලබා දෙන ලෙසත්, ඒ සහතිකය අතට ගෙන ඊලඟ දවසෙම පාරට බහින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව පසුවදාම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුව හදන බවත් දිසානායක මහතා ප්‍රකාශ කළා.

“පාර්ලිමේන්තුවේ බලය අතේ තියෙනවා. ඒත් රනිල් ජනාධිපති. මොකද කරන්නේ. රනිල්ට කතා කරලා කියනවා ඔයා ජනාධිපති කළේ මේ පාර්ලිමේන්තුවේ 134 දෙනා ඒ ජනතාව ගෙදර යවලා. ඔයා නොයා ඉන්න එක කැතයි නේද. එයා පත් කරලා 134 ගෙදර ගියා නම් එයත් ගෙදර යන්න ඕන” යැයි හෙතෙම කියා සිටියා.

“දේශපාලන සිතියම තිතට එලලා තියෙන්නේ. ජාතික ජන බලවේගයේ විධායක සභාව පවත්වනවා. දිස්ත්‍රික් සභා පවත්වනවා. කොට්ඨාශ සභා හදනවා. ආසන සමුළුව තියෙනවා. පළාත් පාලන මැතිවරණය එනවා. මාර්තු 09 වැනිදා සහතිකය අතට ලැබෙනවා. ඊට පස්සේ පාරට එනවා. පාර්ලිමේන්තුව වෙනස් කරනවා. ජාතික ජනබලවේගයෙන් පාර්ලිමේන්තුව පුරවනවා. රනිල්ගේ 134 ගෙදර යවනවා. ඒත් එක්ක රනිල් වික්‍රමසිංහත් තනියට ගෙදර යවනවා. අපි එලපු සිතියම අඩක් ඉවරයි. ඒ අඩ තිතට වැඩ කරලා තියෙනවා. ඉතුරු අඩත් ජනතාවගේ සහය මත තිතට අවසන් කරන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් තියෙනවා.”

ජාතික ජනබලවේගය ඉතා සැලැස්මක් සහිතව හැදූ දේශපාලන සිතියමක් තිබූ බවත් ඒ සිතියමේ අඩක් දින වකවානු එක්ක හරියටම ගැලපෙමින් ගොස් ඇති බවත් ඉතිරි ටිකත් ඉදිරියට යන බවත් ඉන් අනතුරුව වෙනස ඇති කළ හැකි බවත් දිසානායක මහතා අවධාරණය කළා.

රටේ ආර්ථිකය ගමන් කරන් දිසාව වෙනස් කළ යුතු බවත් ඒ වෙනස ඉන් අනතුරුව ඇති කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔහු මේ බව පැවසූවේ පෙරේදා (22) ජාතික ජන බලවේගයේ බියගම ආසන සමුළුව අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: