hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 24, ප.ව. 2:51



කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙස පත් කරන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ ඉලක්කය වන “හරිත ආර්ථිකයක්” සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පරිසර අමාත්‍යවරයා ලෙස ඉදිරියේදී රඹුක්වැල්ල මහතාට විශාල කාර්යභාරයක් පැවරෙන බව අමරවීර මහතා කියා සිටියා.

වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේ අද (24) පෙරවරුවේ වැඩ බාර ගැනීමෙන් පසු මහින්ද අමරවීර මහතා පැවසූයේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වැවිලි කර්මාන්ත ඒකාබද්ධ කිරීම ඉතාමත් හොඳ වැඩක් බවයි.

ඉදිරි මාස දෙක ඇතුලත රජයට අයත් පොහොර සමාගම් දෙක එක සමාගමක් බවටත්,කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ‍එකම ආයතනයක් බවටත් ඒකාබද්ධ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: