hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 05, ප.ව. 3:26



චැනල් 4 නාලිකාව විසින් වීඩියෝවකින් චෝදනා කරන්නේ දකුණේ සිංහල නායකයෙක් බලයට ගෙන ඒමට පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද බවයි යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඔහු තවදුරටත් පවසන්නේ මෙම නාලිකාව සෑමවිටම මෙවන් වීඩියෝ එළිදක්වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය ආසන්න වන විට බවයි.

මෙය පළ කරන පුද්ගලයා ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ඉල්ලා සිටින තැනැත්තෙක් බවත්, 2018-2020 දක්වා ඔහුගේ ගිණුම්වලට රුපියල් ලක්ෂ 700ක මුදල් පැමිණ ඇති බවත් අලුත්ගමගේ මහතා පවසනවා.

දෙහිවල ප්‍රදේශයේ නිවසක් ඔහු විසින් රුපියල් ලක්ෂ 500කට විකුණා ඇති බවත් නමුත් 2017 දී ඔහුගේ පළමු පඩිය රුපියල් 6000ක් පමණක් බව හා මෙම පුද්ගලයා වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් පැමිණිලි සහිත පුද්ගලයෙක් බව ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව අලුත්ගමගේ මහතා පවසන්නේ මෙම පුද්ගලයන් උත්සාහ කරන්නේ රට අස්ථාවර කිරීමට බවත් ඊලඟ මැතිවරණයට ජනමතයක් නිර්මාණය කර ගැනීමටත් බවයි.

2018 පළාත් පාලන මැතිවරණයේ දී පොදුජන පෙරමුණ 79%ක ජනමතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ බවත්, රාජපක්ෂවරු බලයට ගෙන ඒමට පාස්කු ප්‍රහාරයක් අවශ්‍ය නොවූ බවත් 2019 වන විට ජනමතය නිර්මාණය කර අවසන් බවත් ඒ මහතා පවසනවා.

සිංහල බෞද්ධ නායකයෙක් බලයට ගෙන ඒමට මුස්ලිම් අන්තවාදීන් 9ක් මරාගෙන මැරෙන්නේ ඇයි ද යන්නත් එතුමා උපහාසයෙන් යුතුව ප්‍රශ්න කර සිටිනවා.

ඒ මහතා දක්වන්නේ මේ සම්බන්ධයෙන් දැනටමත් 720ක් සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, නඩු 70ක් ඇති බවත් ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: