hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 11:17



මාස තුනේ හතරේ ළමයි ඇඟේම ජරා කර ගත්තට වැඩිය ගණන් ගත යුතු නැතැයි හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හිටපු ජනාධිපතිවරයාට කරන අභියෝග සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව කියා සිටියා.

එහිදි හිටපු ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළා.

“එයා මොනවද අභියෝග කරේ?. ඔය මාස තුනේ හතරේ ළමයි ඇගේම ජරා කර ගන්නවානේ. ඔය එයත් කරන්නේ ඒ වගේ වැඩ තමයි. ඉතින් කවුරු හරි එයාව හෝදයි. අපේ බලය ස්ථිරයි. අපි අපේ ආණ්ඩුවක් හදනවා ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: