2022 අගෝස්‍තු 29, පෙ.ව. 8:47
 
            
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වමේ පක්ෂ සමග සන්ධානගත වී සැබෑ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිිපාල සිරිසේන මහතා පවසනවා.
වර්තමානයේ පවතින්නේ අතීතයේ මෙරට තුළ පැවති සාම්ප්‍රදායික ආණ්ඩුවක් බවත් මෙම ආණ්ඩුව හා සම්බන්ධ වීමට කිසිදු නිදහස් පක්ෂ සාමාජිකයෙකුට තමා අවසරයක් ලබාදී නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.
මහරගම ඊයේ (28) පැවති ආසන ක්‍රියාකාරිකයන්ගේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙනකන් කිසි කෙනෙකුට අනුමැතිය දීලා නෑ ආණ්ඩුවට එකතු වෙන්න. ආණ්ඩුවට ගිය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ වාඩිවෙලා එතුමා කිව්වා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් නම් තමයි අපි යන්නේ කියලා. අනේ ඊට පහුවදා ආණ්ඩුවට එකතු වුණා. අපිට ආරංචි විදියට කැබිනට් එක අමාත්‍යධුර තිහක් සම්පූර්ණ කරලා. රාජ්‍ය අමාත්‍යවරු තව හතළිහක් පත් කරන්න යනවා කියලා. අපි දන්නේ නෑ ඇත්තද බොරු කියලා. මට මතක හැටියට තිලංග සුමතිපාල මහත්තයා කිව්වා මේ අපේ නායකයාට මේ අගමැතිකම දුන්නා නම් මීට වඩා ලොකු වෙනසක් කරනවා කියලා. අනේ දෙයියනේ මම නම් ගන්නෙ නෑ ඔය අගමැතිකම. ඒ මොකද මේ ආණ්ඩුව අදත් ගෙනියන්නෙ පොහොට්ටුව පක්ෂයේ නායකයෝ. මම කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අපේ සහෝදර වමේ පක්ෂය සමග ඉදිරියේදී සන්ධානයක් හදලා ස්ථිර වශයෙන් ම ආණ්ඩුවක් හදලා කටයුතු කරනවා කියන එක ඉතාම පැහැදිලිව කියනවා.”
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
30-10-25
 
                                            30-10-25
17-10-25
 
                                            17-10-25
14-10-25
 
                                            14-10-25
14-10-25
 
                                            14-10-25
13-10-25
 
                                            13-10-25
13-10-25
 
                                            13-10-25
08-10-25
 
                                            08-10-25
05-10-25
 
                                            05-10-25
30-09-25
 
                                            30-09-25
26-09-25
 
                                            26-09-25
24-09-25
 
                                            24-09-25
24-09-25
 
                                            24-09-25