2026 ජූනි 17, පෙ.ව. 11:22
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා රඳවා සිටියදී නිරුවත් කර පරීක්ෂාවකට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බව සූරේෂ් සලේ මහතාගේ බිරිඳ, මනෝරි සලේ මහත්මිය පවසන්නීය.
අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට අසාධ්‍ය මට්ටමකට පත්ව ඇති බවය.
ප්‍රශ්නය – කොහොමද දැන් එතුමගේ සෞඛ්‍ය තත්ත්වය?
“සුරේෂ් දිගින් දිගටම කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ. එයා උපවාසය අතඅරින්නේ නැහැ. දිනෙන් දින පිරිහෙනවා සෞඛ්‍ය තත්ත්වය එයාට එන්න එන්න අසාධ්‍ය වෙනවා. කතා කරන්නත් ටිකක් අමාරුයි. එක දිගට ඉඳගෙන ඉන්න බැහැ. එහෙම. මොකද දැන් අර කැනියුලා හින්දා අත් ඔක්කොම ඉදිමිච්ච හින්දා ඒවා ගලවලා දැන් දෙන්නේ එකක් දාලා පොඩ්ඩ පොඩ්ඩ දෙනවා දියර. ඒකෙන් තමයි ඉතින් කොහොමහරි ජීවත් කරවගෙන ඉන්නේ ඩොක්ටර්ස්ලා.”
ප්‍රශ්නය – එතකොට අපි දැක්කා ඊයේ සී. සී. අයි. ඩී. එකේ නිලධාරීන් කැඳවලා තිබුණා. ඔබතුමිය කැඳවලා තිබුණා. මොකක්ද එතකොට වුණේ? මොකක්ද වධ හිංසා කරලා තිබුණද?
“ඔව්. ඊයේ කතා කරලා තිබ්බා. අපි දෙගොල්ලොටම. CID එකෙන් ගිය සැරේ එන්න බැරි උනා. මේ සැරේ තමයි ආවේ. ඉතින්. ප්‍රථම වතාවට ඒගොල්ලෝ පිළිගත්තා සුරේෂ්ට අර කියපු විදියට. සෙල් එකෙන් එළියට අරගෙන, නිරුවත් කරලා. එකක් කරා කියන එක. ඔක්කොමලා ඉස්සරහ. ඉතින් මෙච්චර කල් පිළිගත්තේ නැහැනේ. ඉතින් දැන් කියනවා ඒක කළ බවට. ඒගොල්ලන් පිළිගත්තා.”
2026 අගෝස්‍තු 03, ප.ව. 1:26
2026 අගෝස්‍තු 03, පෙ.ව. 10:47
2026 අගෝස්‍තු 03, පෙ.ව. 9:31
2026 අගෝස්‍තු 03, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 03, පෙ.ව. 12:11
03-08-26
03-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26
29-07-26
29-07-26
29-07-26
29-07-26
28-07-26
28-07-26