hit counter

2026 ජූනි මස 21 වන ඉරිදා

2026 ජූනි 22, පෙ.ව. 12:16



රාජපක්ෂලා කියන්නේ, තමන්ගේ අපරාධ වෙනුවෙන් මිනිස්සු පාවිච්චි කරලා ඉවත් කරන්න පුළුවන් ඉතාම නරක පන්නයේ දේශපාලන කණ්ඩායමක් බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

සලේ පාස්කු ප්‍රහාරයේ තොරතුරු හංගන්නේ තමන්ගේ දරුවන් සහ බිරිඳ වෙනුවෙන් නොවන බවත් ඔහු මේ මහාපරිමාණ අපරාධය කරේ ජනාධිපති වෙන්න නොවන බවත් වෙන ටීම් එකකට ජනාධිපති වෙන්න බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ.

“සලේ තමන්ගේ නෝනා ගැන හිතනවා නම්, එයාගේ දරුවෝ ගැන හිතනවා නම් එයාට තියෙන්නේ ඔය තොරතුරු ලබාදෙන්න. ඔහු ඒ අය ගැන නෙමෙයි හිතන්නේ. ඇත්තටම මෙයා දිනපතා බලන්න එන්න ඕන රාජපක්ෂලා.

අද සලේ හංගන්නේ දරුවා වෙනුවෙන් දේවල් නෙමෙයි. අද සලේ හංගන්නේ නෝනා වෙනුවෙන් දේවල් නෙමෙයි. තමන් හරහා මේ මහාපරිමාණ අපරාධය කරේ සලේට ජනාධිපති වෙන්න නෙමෙයිනේ. වෙන ටීම් එකකට ජනාධිපති වෙන්න.

එනිසා තමයි බෝම්බේ අප්‍රේල් (21)ක. ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ඉදිරිපත් වෙනවා අප්‍රේල් (23). අඩුගානේ වංචාවක් කරනකොට ඒ සැලැස්මවත් තියෙන්න එපැයි. එහෙම කියන්නේ ඇයි. එයාට ඕන කරන ඩ්‍රාමා එකේ ලොකු කෑල්ල වුණා.

රාජපක්ෂලා කියන්නේ මෙහෙමයි. තමන්ගේ අපරාධ වහගන්න තමන්ට වැඩියෙන්ම සේවය කරපු පුද්ගලයා සහ ඔහුගේ දරුවා සහ නෝනවත් භාවිතා කරනවා. රාජපක්ෂලා කියන්නේ ඒ මිනිස්සු තමන්ගේ අපරාධ වෙනුවෙන් පාවිච්චි කරලා ඉවත් කරන්න පුළුවන් ඉතාම නරක පන්නයේ දේශපාලන කණ්ඩායමක්.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: