2022 සැප්‍තැම්‍බර් 02, ප.ව. 7:19
බින්දුවට වැටී සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති විය හැකි නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යළි නැගී සිටීමේ නොහැකියාවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අද (02) පැවති එම පක්ෂයේ 71 වන සංවත්සරය සැමරුම් උත්සවය අමතමින්.
රටේ පවතින තත්වය අනුව ළඟදීම කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමේ ලකුණු ඇති බවත් ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩිම වාසිය ඇත්තේ ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ සන්ධානයකට බවත් සිරිසේන මහතා සඳහන් කළා.
ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 42 දෙනෙකුට විපක්‍ෂයේ අසුන්ගැනීමට හා ස්වාධීනවීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය රට වෙනුවෙන් එකතු වී වැඩකිරීමට සූදානම් නැති නිසා යැයි ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
28-06-26
28-06-26
27-06-26
27-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26