hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 08, ප.ව. 6:54



මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතිකවත්, මාලදිවයින් තුළත් ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද(08) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද ප්‍රශ්න කළේ මේ දිනවල ඊජිප්තුවේ පැවැත්වෙන COP 27 සමුලුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ් මහතා රැගෙන යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව විශාල කතාබහකට ලක්ව ඇති බවයි.

එම සමුළුව නියෝජනය කිරීම සඳහා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සුදුසු නොවන්නේදැයි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ කිසිවෙකු නැත්නම් අවම වශයෙන් ඇමතිවරයාට හෝ එම සමුළුව නියෝජනය කිරීමට සුදුසුකම් නැද්ද යන්න ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා ලංකාව නියෝජනය කිරීම සඳහා මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ් මහතා පත් කළ ලිපියද තමන් සභාගත කරන බවද කියා සිටියා.

ඊට පිළිතුරු දීමට නැගී සිටි සභානායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා COP 27 සමුලුව සම්බන්ධයෙන් විස්තරයක් කළද නෂීඩ් රැගෙන යාම සම්බන්ධයෙන් පිළිතුරු දුන්නේ නැත.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: