hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 09, පෙ.ව. 10:21



පාර්ලිමේන්තුවේ මිලදී ගැනීමකින් තොරව පසුගිය ජූලි 28 වනදා දහවල් 11ට පාර්ලිමේන්තුවට භාණ්ඩ තොගයක් ගෙනැවිත් තිබෙන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද(09) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

එම භාණ්ඩ පුද්ගලික ආයතනයක් විසින් මුදල් ගෙවා පුද්ගලික ආයතනයක් එම භාණ්ඩ ගෙනැවිත් තිබෙන බවත් එම භාණ්ඩ ගෙනැවිත් තිබෙන්නේ ජනාධිපතිවරයාගේ කාර්යාලයට බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා එම භාණ්ඩ ලබා ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයාගේ අත්සනින් බවත් කියා සිටියා.

එම භාණ්ඩ අතර සුපිරි මෙට්ටයක් ගෙනැවිත් තිබෙන බවත් එම මෙට්ටයේ ඝණකම අඩියකට වඩා වැඩි බවත් ජනාධිපතිවරයාගේ කාමරය ඇතුලට එවැනි මෙට්ටයක අවශ්‍යතාවය කුමක්ද යන්න ගැටලුවක් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

තමා දන්නා තරමින් ජනාධිපතිවරයාගේ කාමරයේ කිසිවෙකු නිදා නොගන්නා බවත් නැත්නම් ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ අයෙකු යහන් ගත විය යුතු බවත් මන්ත්‍රීවරු සියලු දෙනාම ගොස් එම ජනාධිපතිවරයාගේ කාමරය පරීක්ෂා කළ යුතු බවත් පතිරණ මන්ත්‍රීවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: