hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 20, පෙ.ව. 11:12



කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍ය ධුරයෙහිත්, ජීවන් තොණ්ඩමන් මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහිත් මෙලෙස දිවුරුම් දෙනු ලැබුවා.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ පෙරේදා (18) දිනයේදී ජනාධිපතිවරයා කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙකුට දුරකතනයෙන් කතා කර ඇති බවයි.

එහිදී ජනාධිපතිවරයා විමසා ඇත්තේ “ඔය තියෙන අමාත්‍ය ධූර දෙක තුනෙන් එක් අමාත්‍ය ධූරයක් දෙන්න” යනුවෙනි.

ඇතැම් අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් එහිදී මහින්ද අමරවීර අමාත්‍යවරයා ඇමති ධූරයක් ලබා දීමට කැමැත්ත පළ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: