hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 24, පෙ.ව. 7:53



දැනට පවතින කැබිනට් ඇමැතිකම්වලට අමතරව ඉදිරියේදී තවත් ඇමැති ධුර තුනක් එකතු වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

විශේෂයෙන්ම රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන ඇතුළු අමාත්‍ය ධුර කිහිපයක් දරන ඇමතිවරුන්ට ඔවුන්ට වැඩිපුර ඇති අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කර්මාන්ත අමාත්‍ය ධුරය බොහෝදුරට හිමිවන බවයි වාර්තා වන්නේ.

තවද එස්.බී. දිසානායක හා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරුන්ට ප්‍රබල ඇමැති ධුර හිමි වීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: