hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 14, පෙ.ව. 8:12



කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සහ වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු අතර බරපතළ මත ගැටුමක් ආරම්භ වී තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඒ පිටරටින් සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන්.

පාර්ලිමේන්තුවේ ඉකුත් සතියේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ද ඇමතිවරුන් දෙදෙනාගේ මෙම මත ගැටුම කරලියට පැමිණි බවයි වාර්තා වන්නේ.

ප්‍රමාණවත් තරම් වී තොග රට තුළ තිබෙන බැවින් සහ ඉදිරියට ද ලැබෙන්නට තිබෙන බැවින්, තවදුරටත් සහල් ආනයනය කිරීමෙන් දේශීය ගොවියාට යන එන මං නැති වන බව ඇමති අමරවීර මහතා එහිදී පෙන්වා දී තිබෙනවා.

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතක් දැනටමත් ආනයනය කර ඇති අතර, තවදුරටත් සහල් ආනයනය නතර කරන ලෙස ද ඔහු ඉල්ලා තිබෙනවා.

ඊට පිළිතුරු දී ඇති වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරි කාලය උත්සව සමයක් බැවින් වෙළෙඳපොළේ සහල් මිල පාලනය සඳහා සහල් ආනයනය කිරීමට සිදුවන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: