hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 මැයි 28, පෙ.ව. 7:48



කැබිනට් අමාත්‍යවරුන් ඔවුන් යටතේ ඇති ආයතනවල වගකීම් ඒවායේ රාජ්‍ය ඇමතිවරුන්ට නොපැවරීමෙන්, රාජ්‍ය ඇමැතිවරුන් වැඩි දෙනකු කලකිරීමට පත්ව සිටින බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඇතැම් ඇමතිවරුන්ට අමාත්‍යාංශ දෙක තුන මෙන්ම ආයතන දහය පහළොව තිබුණද, ඒවායෙන් සුළු ආයතනයක් හෝ දෙකක් හැරෙන්නට රාජ්‍ය ඇමතිවරුන්ට වගකීම් පවරා නැති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් තමන්ට අමාත්‍යාංශවලට ගොස් නිකරුණේ රස්තියාදු වීමට සිදුව ඇති බවයි රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක්ම චෝදනා කරන්නේ.

අමාත්‍යාංශවල වගකීම් නොපැවරීම හේතුවෙන්, ඇතැම් කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් අතර මත ගැටුම් ද නිර්මාණය වී ඇතැයි දැන ගන්නට තිබෙනවා.

කැබිනට් ඇමතිවරු 20 දෙදෙනකු  සිටින අතර, රාජ්‍ය ඇමතිවරු 38 දෙනෙක් සිටිනවා.

රාජ්‍ය ඇමතිවරුන් තිස් අට දෙනාගෙන් ඉතාම සුළු පිරිසකට හැරෙන්නට, අනෙක් පිරිසට අමාත්‍යාංශවල නිශ්චිත වගකීම්  පවරා නැති බව දැනගන්නට තිබෙනවා.

මෙම පිරිසෙන් 20 දෙනෙකු පමණ රාජ්‍ය අමාත්‍යධුරවලින් ඉවත් වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: