hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 28, පෙ.ව. 9:16



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා සිදුකළ ඇමති සංශෝධනයට එරෙහිව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගර කාරියවසම් සහ නාමල් රාජපක්ෂගේ ප්‍රකාශයන්ට නව සන්ධාන මන්ත්‍රී නිමල් ලන්සා මහතා පිළිතුරු දීමත් සමග පොහොට්ටුවේ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු නාමල් රාජපක්ෂට දුරකථනයෙන් කතාකර ලන්සාගේ ප්‍රකාශයට පිළිතුරු නොදෙන්නේ මන්දැයි විමසා තිබෙනවා.

ලන්සාගේ මෙම ප්‍රකාශයට මධ්‍යයේ විශාල ප්‍රචාරයක් ලබාදීම නිසා ඇතැම් මැති ඇමතිවරුන් නාමල් හමුවීමට නිවසටම ගොස් මේ බව දැනුම් දී ඇතැයිද වර්තවෙනවා..

එහිදී ඔවුන් සියලු දෙනාට නාමල් ලබාදී ඇත්තේ ඔවුන් කිසිදා බලාපොරොත්තු නොවූ පිළිතුරකි.

ඕක ගැන එච්චර හිතන්න එපා..ලන්සා අපේ පවුල වෙනුවෙන් කාලයක් හිටපු කෙනෙක්..ඔහු අපිට මැතිවරණ වලදී උදව් කල කෙනෙක්..ඒ වගේම තමයි එයාට ප්‍රශ්නයක් ආව මතකයිනේ එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔහුගේ නිවසටම ගිහිල්ල ඔහු වෙනුවෙන් හිටගත්තා..ඒ නිසා ඕවට උත්තර දෙන්න යන්න ඕන නෑ“නාමල්ගේ මෙම උත්තරය නිසා පොහොට්ටු මැති ඇමතිවරුන්ට සිදුවුයේ හිස් අතින් ගෙදර ඒමටය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: