hit counter

2026 ජනවාරි මස 05 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 11, පෙ.ව. 9:34



පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිවී ඇති පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු අසුන මේ සතිය ඇතුලත ආණ්ඩුපක්ෂ අසුන්වලින් ඉවත් කරන බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව අහමඩ් මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු අසුනට පැමිණීමට නියමිත අලිසහිර් මවුලානා මහතාට ජෙෂ්ඨත්වය අනුව විපක්ෂයේ අසුන් පනවන බවද හෙතෙම කියා සිටියා.

අලිසහීර් මව්ලානා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය යටතේ මඩකපුව දිස්ත්‍රික්කයෙන් පසුගිය මහා මැතිවරණයට තරග කර පරාජිත ලැයිස්තුවේ ඉහලම මනාප ලබාගෙන සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: