hit counter

2024 මාර්තු මස 05 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 07, ප.ව. 1:18



අයවැය තෙවන වර කියැවීමේ ඡන්ද විමසීමෙන් පසු යළි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කිරීමට නියමිතයි.

නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස වජිර අබේවර්ධන, ජීවන් තොණ්ඩමන්, දුමින්ද දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිත බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ ලිපිය මගින් සඳහන් කර ඇත්තේ අමාත්‍යවරුන් ලෙස පත් කළ යුතු යැයි සඳහන් මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් බවයි වාර්තා වන්නේ.

දැනට කැබිනට් අමාත්‍යවරුන් 20 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන්න 38 දෙනෙකුත් ආණ්ඩුවේ ඇමති ධූරන දරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: