2022 නොවැම්‍බර් 12, පෙ.ව. 1:20
            
සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම සඳහා පැවති යහපාලන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු සාකච්ඡා සඳහා නායකත්වය දරන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එම සර්ව පාක්ෂික ආණ්ඩුවට සෑම පක්ෂයකම සහය ලැබෙනු ඇතැයි වාර්තා වනවා.
සර්ව පාක්ෂික රජයක් බිහිකිරීමට නායකත්වය දරන මේ වනවිට විපක්ෂයේ සිටින හිටපු අමාත්‍යවරයා හිටපු ආණ්ඩුවේ ප්‍රධානපෙළේ දේශපාලඥයින් කිහිපදෙනෙකු සමඟම මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියා.
මෙම ප්‍රබල චරිත අතර ල මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයෙකුද ඇතුළත් බවයි වාර්තා වන්නේ. ඔහු සහ විපක්ෂයේ ප්‍රබල දේශපාලඥයා අතර රහස් සාකච්ඡාවක් මෙම සතියේදී පැවැත්වීමට නියමිතයි.
එසේම මෙම කණ්ඩායම ලබන සඳුදා ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳවත් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
සමඟි ජනබලවේගයේ ප්‍රබලයන් කිහිපදෙනෙකුම මෙම සර්ව පාක්ෂික රජය පිහිටුවීමට කැමැත්තෙන් සිටින බවත් අනාවරණය වනවා.
හිටපු ප්‍රබල අමාත්‍ය ධුර දැරූ කිහිපදෙනෙකුද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25