hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 26, ප.ව. 12:22



ඇමතිකම් දීම වැරදියි කිය කියා බුර බුරා ඉන්නේ නැතිව ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගන්නැයි තමන් පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාට අභියෝග කරන බව නව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කෘෂිකර්ම විෂයට ලබා නොදී එය ලබා දීමට වෙනස් විෂය පථයක් තිබේදැයි තමන් කාරියවසම් මහතාගෙන් විමසන බවද ලන්සා මහතා කියා සිටියා.

ඔහුගේ මොලේ හොඳ නොමැති බවත්,එය වහාම පරික්ෂා කර ගන්නා ලෙසත් නිමල් ලන්සා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

ඒ අතරම අද ඇමතිකම් ගැන කතාකරන නාමල් රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයාව සිටි සිය බාප්පා ඇමතිකම් කිහිපයක්,රාජ්‍ය ඇමතිකමක් දුන් විට අද කියන දේවල් එදා කීමට නොහැකි වුණේ මන්දැයි තමන් පුදුමයට පත්වන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලන්සා මහතා මෙසේද කියා සිටියා.

සාගර කාරියවසම් මහතාට අභියෝග කරනවා පුලුවන්නම් ආණ්ඩුවෙන් එලියට ගිහිල්ලා ඔය කටයුත්ත කරන්න කියලා. ජනාධිපතිවරයා හොද නැතිනම්, ජනාධිපතිවරයා එක්ක වැඩි කරන්න බැරිනම් ජනාධිපතිතුමා එතුමලා කියන දෙ කරන්නේ නැතිනම් තමන්ට කැමති තීන්දුවක් ගන්න පුලුවන්. මාධ්‍ය වල අදහස් දක්වන්නේ නැතිව තමන්ගේ තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ නාමල් රාජපක්ෂ මැතිතුමාට අමාත්‍යධූර කීයක් දුන්නද ? රාජ්‍ය අමාත්‍යධූර කීයක් දුන්නද ? විෂයයන් කීයක් දුන්නද ? ඒ කාලේ අමාත්‍යධූර වෙනස් කරපුවාම රටේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ කියලා එතුමට තේරුනේ නැද්ද ? එතුමට දැන් තමා ඒක තේරුම් ගිහිල්ලා තියෙන්නේ. ඔය තනතුරු වෙනස් කිරීම්, කැබිනට් සංශෝධන ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ හතර පාරක් වෙනස් කරලා තියෙනවා. අවසාන කැබිනට් සංශෝධනයේදී පොහොට්ටුවේ කැබිනට් අමාත්‍යවරු, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු විශාල පිරිසක් එලියට දැම්මා. එදා කතා කලේ නැහැ නාමල් රාජපක්ෂ හෝ සාගර කාරියවසම් . එදා කතා කරන්න තිබුනා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපෙන් අහන්නේ නැතිව කරපු එක වැරදියි කියලා. සම්පුර්ණයෙන් විරුද්ධයි කියලා කියන්න තිබුනා. එදා පූස් පැටව් වගේ හිටියේ.
අද කියනවම් කිසිම තනරතුරක් වෙනස් කරලා කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා එදත් කියන්න තිබුනා. එදා කිව්වේ නැහැ. ඒ නිසා මට කියන්න තියෙන්නේ නාමල් රාජපක්ෂ හා සාගර කාරියවසම් මහත්වරුන්ට බොරු බයිලා කියන්නේ නැතිව, අතීතිය අමතක කරලා කතා කරන්නේ නැතිව පුලුවන්නම් මාත් එක්ක විවාදයකට එන්න. පසුගිය කාලයේ ඇමතිකම් වෙනස්කරපු ඒවා, විෂය වෙනස් කරපු දේවල්, තමන්ට වැඩි බලය ගත්තු හැටි, තමන්ට දෙද්දි කටවහගෙන හිටපු ඒවා ගැන කතා කරන්න.
ඇමති මණ්ඩලය කියන්නේ ශ්‍රීලනිප ද, යුඑන්පී ද කියන එක නෙමේ. ඇමති මණ්ඩලය කියන්නේ සාමුහික ඇමති මණ්ඩලයක්. ඒකේ විෂයයන් ඕනේ කෙනෙකුට ඒහාට මෙහාට යන්න පුලුවන්. ශ්‍රීලනිපය ද පොහොට්ටු ද කියන එක අදාළ නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: