hit counter

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා

2024 ජනවාරි 16, ප.ව. 12:30



නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය ලබන 24 වැනිදා වාර අවසාන කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා පෙබරවාරි මස 7 වැනිදාය අලුත් පාර්ලිමේන්තු සභා වාරයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ලබන 23 සහ 24 යන දින 09 වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරයේ අවසන් දින ලෙස සලකා වැඩකටයුතු සිදුකරන බව පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශකයෙකු කියා සිටියා.

මේ අතර පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු කාරක සභා පනහකට වැඩි සංඛ්‍යාවක් අහෝසිවී වන අතර, එම කාරක සභා සියල්ල නැවත පිහිටුවීමට ද සිදුවනවා.

වාර අවසාන කිරීමත් සමඟ අහෝසිවී නොයන්නේ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා පමණයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: