hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 ජූනි 30, පෙ.ව. 9:56



2023 අංක 9 දරණ දූෂණ විරෝධි පනත ප්‍රකාරව රාජ්‍ය නිලධාරීන්ට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අද (30) දිනයෙන් අවසන් වන බව දන්වයි.

ඒ අනුව මෙම දැනුම්දීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් සිදු කර ඇත.

ඊට අමතරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ අද (30) වනවිට වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන රාජ්‍ය නිලධාරින්ගෙන් දඩ මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙසයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: