hit counter

2026 ඔක්‍තෝබර් මස 03 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 8:42



ආණ්ඩු පක්ෂයේ සියළු මැති ඇමතිවරුන්ට අද දිනය පුරා පාර්ලිමේන්තුවේ සිටීම අනිවාර්ය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලය හරහා දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔවුන්ට මේ බව දැනුම් දී ඇතැයි වාර්තාවේ.

අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම පැවැත්වෙන බැවින් මෙම නියෝගය ලබාදී ඇති බවද සඳහන්.

විදෙස් සංචාරවල නිරත මැති ඇමැතිවරුන්ටද මෙම පණිවිඩය ලබා දී ඇති වාර්තා වේ.

යම් ලෙසකින් අද දිනයේ පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි මැති ඇමතිවරුන් ඒ බව ජනාධිපති කාර්යාලය දැනුවත් කල යුතු බවද දැනුම් දී තිබෙනවා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: