hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 08, පෙ.ව. 11:24



අද (08) පාර්ලිමේන්තු කටයුතු ආරම්භවීමත් සමග ජනාධිපතිවරයාගේ සංදේශයක් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම  ආඥාව පිළිබඳව පාර්ලිමේන්තුවට අද(08) දැනුම් දුන්නා.

“40 වෙනි අධිකාරියේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමුවන උපලේඛනයේ නිශ්චය කර දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයින් එහි දෙවැනි උපලේඛනය නිශ්චිතව දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කර ඇත.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: