hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 24, පෙ.ව. 7:47



සමගි ජන බලවේගයට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්ව සහය දැක්වීමට එකඟත්වය පළ කර ඇතැයි වාර්තා වනවා.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රි පිරිසක් ද රජයට සහය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කිරීම නිසා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සංයුතියේ වෙනස්කම් ඇති වන බව ද ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග පැවසුවා.

ආණ්ඩුවට සහය දැක්වීමට එකඟත්වය පළ කර ඇතත් දේශපාලන වශයෙන් එකිනෙකට වෙනස් ආකල්ප පවතින බැවින් මැතිවරණවලට ඉදිරිපත්වීමේදී අනිවාර්යයෙන්ම මත ගැටුම් ඇතිවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

මැතිවරණ සහ ඇමති ධූර අපේක්‍ෂාවෙන් විපක්‍ෂයේ සහ ආණ්ඩු පක්‍ෂයේ විවිධ මත දරන කොටස් කටයුතු කිරීම නිසා ජනාධිපතිවරයාට කේවල් කිරීමේ පරිසරයක් නිර්මාණය වී ඇතැයි ද දේශපාලන අංශවල කතාබහට ලක් වී තිබේ.

විපක්‍ෂයේත් ආණ්ඩු පක්‍ෂයේත් මන්ත්‍රීවරුන් අතර බෙදීම් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: