hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 25, ප.ව. 7:16



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට කිසිඳු අකමැත්තක් නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් කැමැත්ත පළ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා සඳහන් කළා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (25) පැවැති මාධ්‍ය හමුවේදීයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද්ධය ජය ලැබීමට නායකත්වය දුන් නිලධාරියෙකු වීම නිසා ඔහුට රටට පැමිණීමට කිසිඳු බාධවක් නොමැති බවද ඒ මහතා සඳහන් කළා.

ඇතැම් දේශපාලන අදිසි හස්තයන් මේ රටේ ජනතාව කුපිත කිරීම නිසා එතුමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව ද උදුගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

එම මාධ්‍ය හමුවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ද සහභාගි වූවා.

එම මාධ්‍ය හමුවේ සම්පුර්ණ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: