hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 31, පෙ.ව. 9:38



නිලධාරීන් නිසා දේශපාලනඥයන් බැනුම් අහන යුගය අවසන් කල යුතු බව ඇමති ප්‍රසන්න රණතුංග පවසනවා.

නාගරික සංවර්ධන අමාත්‍යංශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කියා සිටියා

නාගරික සංවර්ධන අධිකාරිය කියන්නේ කෙලින්ම මිනිස්සු එක්ක සම්බන්ධවෙලා කටයුතු කරන රටේ සංවර්ධනයට කෙලින්ම වගකියන ආයතනයක්.ඒක නිසා මිනිස්සු රස්තියාදු නොකර ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරන්න.මොකද නිළධාරීන් වැඩ නොකරනවිට බැණුම් අහන්නේ දේශපාලනඥයන්.මිනිස්සු නිළධාරීන්ට බණින්නෙ නැහැ.මම ඒ තත්ත්වයට වැටෙන්න සූදානම් නැහැ.නිළධාරීන් පස්සේ නොගියට මේ ආයතනයේ වෙන හැම දෙයක් ගැනම මම දන්නවා.ඒ නිසා වැඩ කරන්නේ කවුද? වැඩ නොකරන්නෙ කවුද කියන දේ ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා.
පහුගිය කාලයේදී මේ ආයතනයේ සිදුවුණ යම් යම් දේවල් නිසා නාගරික සංවර්ධන අධිකාරිය ගැන මිනිස්සුන්ගෙ හිතේ තියෙන්න වැරදි චිත්‍රයක්.අපි ඒ වැරදි චිත්‍රය මකන්න ඕන.ඒක කරන්න පුළුවන් ලේසිම විදිය තමයි වැඩ කරන ‍එක.මේ උසස්වීම් ලබන නිළධාරීන්ගෙන් මම අවංක සේවයක් බළාපොරොත්තු වෙනවා.ඒක පැය 8 කට ලඝු කරන්න එපා.මිනිස්සු සනසවමින් රටක් සංවර්ධනය කරන්නෙ කොහොමද කියල අපි කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා කරන්න ඕන
“යැයිද ඇමතිවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: