hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 02, පෙ.ව. 11:11



ඊනියා අරගලකරුවන් හා කුමන්ත්‍රණකරුවන් එකතුවී විනාශයට ගිය රට
යථා තත්ත්වයට ගනිමින් ජනාධිපති රනිල් රටේ අනාගතය තහවුරු
කරමින් තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂ
ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් ජනාධිපතිවරයා ජාත්‍යන්තරයේ
විශ්වාසය ඉහළින්ම දිනාගෙන ඇති බවයි.

දවස් දහයක් තුළ ලෝකයේ ප්‍රබල රටවල් 4ක නායකයන් හා ප්‍රධානීන් මුණගැසීම තුලින් ඒ බව පෙනී යන්නේ යැයිද හෙතෙම සඳහන් කළා.

ගම්පහ,උඩුගම්පළ පිහිටි කාර්යාලයේදී අද දේශපාලන ක්‍රියාකාරීන්
පිරිසක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

“අපේ විපක්ෂනායකතුමා පාර්ලිමේන්තුවෙ කෑ ගහනව විතරයි. එතුමා දේශන පවත්වන්න මරු.වර්තමාන විපක්ෂනායකතුමා රජයේ සංවර්ධන වැඩපිළිවෙල දිහා බලන්නෙ හරිම ඉරිසියාවෙන්.ජනාධිපතිතුමා රට වෙනුවෙන් වෙහෙසෙද්දී විපක්ෂය පළාත් පාලන මැතිවරණය තියන්න කියමින් කෑ කෝ ගහනවා. රටේ ප්‍රශ්නවලට එකම විසදුම ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම දැයි අපි විපක්ෂයෙන් ප්‍රශ්න කරනවා. විපක්ෂයට විපක්ෂයක් ලෙස එක මතයකට එන්න බැහැ.රටක විපක්ෂනායකයා නූගතෙක්වීම රජයකට අවාසියක්.අනුර කුමාර ගැනත් කතා කරන්න දෙයක් නෑ.මිනිහගෙත් කතාව විතරයි. වැඩ නෑ.ඒක නිසා ඒ මිනිස්සු ගැන කතාකරන එක නිකං කාලය කා දැමීමක්.ජනාධිපතිවරයාට ජාත්‍යන්තරයේ විශ්වාසය ඉතාම ඉහළින්ම ලැබෙනවා.දවස් 10 ක් තුළ ලෝකයේ ප්‍රබල රටවල් 4 ක නායකයන් හා ප්‍රධානීන්එ තුමාව මුණ ගැහුණා.මෑත ඉතිහාසයේ කිසිම රාජ්‍ය නායකයෙකුට මෙහෙම අවස්ථාවක් ලැබුනෙ නැහැ.ඒ වගේම ජාත්‍යන්තරය තුළ දැන් ලංකාව ගැන ලොකු විශ්වාසයක් ඇති වෙමින් තිබෙනවා.අපේ රට ජාත්‍යන්තරයෙන් කොන්වෙමින් තිබුණු රටක්.අප රටට සංචාරය සඳහා නොඑන ලෙසට පහුගිය සමයේදී සමහර රටවල්තමන්ගේ වැසියන්ට දැනුම්දී තිබුණා.දැන් එහෙම තත්ත්වයක් නැහැ.යළිත්
සංචාරකයෝ අපේ රටට එන්න පටන්ගෙන තිබෙනවා.ලබන වසර කොහොමත් මැතිවරණ වසරක්.ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකයෝ වැහි වැහැලා. සජිත් ප්‍රේමදාස,අනුර කුමාර,අපෙන්වෙන්වෙලා ගියපු අය,සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ,ව්‍යාපාරිකයෝ ජනාධිපතිවරණ අපේක්ෂක පෝලීමේ එනවා.ඒත් මේ රටේ විශාලතම
ඡන්ද පදනම තියෙන පොහොට්ටුවේ අපි තවම නිශ්ෂබ්දයි.ජනාධිපතිවරණයට අපි වෙලාවට අපේ තුරුම්පු ආසියා ඉස්සරහට දානව.එතකන් අපි අනිත් අයගේ සෙල්ලම් බලාගෙන ඉන්නවා. ජනාධිපතිවරණ,මහා මැතිවරණ,පළාත් සභා,පළාත් පාලන මැතිවරණ මේ මොනව තිබ්බත් ජනතා මනාපයෙන් ඉහළින්ම දිනන්නේ පොහොට්ටුවයි
.”යැයිද ඇමතිවරයා කියා සිටියා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: