2023 නොවැම්‍බර් 19, ප.ව. 1:37
රට බංකොලොත්භාවයට පත් කිරීමට ක්‍රියා කළ ගෝඨාභය, මහින්ද, බැසිල් යන රාජපක්ෂවරුන් සහ පීබී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්ලිව්. ඩී.ලක්ෂ්මන් මෙන්ම මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් යුත් එම කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී යෝජනා කළා.
එහිදී අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා මෙසේ සඳහන් කළා.
‘දැන් මුළු රටේම ඉල්ලුමක් තිබෙනවා රට බංකොලොත් කරපු කණ්ඩායමට නිසි දඬුවමක් දෙන්න කියලා. මේ අය යහතින් මේ දේවල් තවත් ඉදිරියට කරගෙන යනවාද කියලා රට අහනවා. ඒ නිසා මේ අයට තව දුරටත් සිවිල් අයිතිවාසිකම් ලබා දීම නුසුදුසුයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවන් කරපු කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සිදුවන්නේ ජනාධිපති විශේෂ කොමිසමක් හරහායි. ඒ සඳහා ක්‍රියා කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. ඒ ක්‍රියාමාර්ගය ජනාධිපති විසින් ගත යුතු යැයි කියලා අපි මේ අවස්ථාවේ රටේ ලක්ෂ දෙසීය විස්ස වෙනුවෙන් යෝජනා කරනවා.’
2024 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:04
2024 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:04
2024 ඔක්‍තෝබර් 01, ප.ව. 2:47
2024 ඔක්‍තෝබර් 01, පෙ.ව. 8:12
2024 සැප්තැම්බර් 30, පෙ.ව. 10:13
03-10-24
03-10-24
01-10-24
01-10-24
26-09-24
26-09-24
24-09-24
24-09-24
23-08-24
23-08-24
22-08-24
22-08-24
13-08-24
13-08-24
07-08-24
07-08-24
04-08-24
04-08-24
30-07-24
30-07-24
27-07-24
27-07-24
26-07-24
26-07-24