hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අප්‍රේල් 06, පෙ.ව. 4:15



ඉදිරි කාලයේ දී කැබිනට් සංශෝධනයක් ඇති වී සෞඛ්‍ය ඇමති ඇමැති තනතුර ලැබුණොත් එය භාර ගන්න සූදානම් යැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සංචාරය නිමවා මාධ්‍යයට අදහස් පළ කරමින්.

එහිදී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.

“එහෙම කියන්නේ මාධ්‍යයෙන් එන විදිය බලලා තමයි සූදානම් නැද්ද කියන්නේ කොහොම වුණත් වුණත් මට සෞඛ්‍ය ඇමති තනතුර දෙනවා නම් භාරගන්න සූදානම්, 2015 විපක්ෂ නායක තුමා පළමු වරට ඇමති වන්නේ, ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට ආව හින්දා අපේ පිල්මාරුව හින්ද තමයි ,නැත්නම් එක්සත් ජාතික පක්ෂය ඒ වෙලාවේ දිනන්නේ නැහැ. ඒ වගේ කට්ටියක් දේශපාලනය වෙනුවෙන් ගන්න තීන්දු තව කට්ටියකට පේනවා මුදල්වලට. අපි හැමදාමත් ගන්නවා නම් තීන්දුවක් ගන්නේ දේශපාලනය බලලා, ඒක හින්ද තමයි මිනිස්සු ඒවා පිළිගන්නේ. සමහර කට්ටියට පේනවා ඇති ඒක ගත්තේ මුදල්වලට කියලා.මුදල්වලට යන කට්ටියත් ඇති, දේශපාලනයට යන කට්ටියක් ඉන්නවා.”

“හැම එක්කෙනාම දැනගන්න ඕනේ ,රටට මොකක්ද උනේ මේ රට වැටිල තියෙන ප්‍රපාතය මොකක්ද, ඒ ප්‍රපාතය අනුව, එතනින් ගොඩ එන්න දඟලන රටක් මේක මෙවැනි කාලයක සාමාන්‍ය යුගයක තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා කියන එක අසාධාරණයි. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ  සමාලෝචනයක් කරන්න ඕනේ, අද අරගලවලින් නෙවෙයි, සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් විසඳාගන්න පුළුවන් බුද්ධිමය යුගයක් බිහි වෙමින් එන්නේ ලෝකයේ හැම රටකම හැමදාම සම්ප්‍රදායික ක්‍රියාවලින්  විතරක් ප්‍රශ්න විසඳ ගන්නට බැහැ. මම කැමති නෑ කාවවත් අනිවාර්ය නිවාඩු යැවීම ගැන, ඒ පිළිබඳ සාකච්ඡා වෙන් විසඳ ගන්න උත්සාහ ගත්තා නම්, මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නැහැ හැමදාම ඒගොල්ලො කියන සටන් පාඨවලින් රටක් හදන්න බැහ 60-70 දේශපාලනයෙන් 21 වැනි ශතවර්ෂයට ඒවට විසඳුම් නැහැ.” යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.

කෙසේ වෙතත් මේවන විට සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුත කරන්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතායි. ඉදිරියේදී රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා දීමට සූදානම් බව රජයේ‌ ආරංචි මාර්ග සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: