hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 18, පෙ.ව. 8:47



ඡන්ද ව්‍යාපාර සඳහා මුදල් දෙන පාර්ශව හෙළි කෙරෙන මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට විපක්ෂයේ පක්ෂ විරුද්ධ වීම නිසා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (18) පැවැත්වෙනවා.

මැතිවරණ වියදම් නියාමන පනත ගෙන ඒම මගින් අපේක්ෂා කරනු ලැබුයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් වියදම් කරන පාර්ශව පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීමයි.

එම ක්‍රමවේදය ගෙන එනවාට විරුද්ධ බව විපක්ෂයේ පක්ෂ නායකයින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හමුවී ඊයේ (17)කරුණු දක්වා තිබුණා.

අධිකරණ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුව පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය ඇතුළු බහුජන සංවිධාන ගණනාවක් අදාල  පනත ගෙන එන ලෙසට රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: