hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 25, ප.ව. 12:03



පසුගිය කාලයේ පැවති ගෝල්ෆේස් අරගලයට වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාත් සහභාගී වී සිටි බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායමක් අරගල භූමියේ සිටි බවත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයට පත් වීමත් සමග ඔහුගේ කණ්ඩායම වූ අරගලයට සහය දුන් එජාප පාක්ෂිකයින් අරගල භූමියෙන් ඉවත් වූ බවත් නානායක්කාර මහතා සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහට විරුද්ධව අරගලයක් නොතිබූ බැවින් ඔවුන් ඉවත් වීම පිළිබඳ තමාට ගැටලුවක් නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතාට පැවැත්මක් තිබුණේ අරගලය තුලින් බවත් ඔහු ප්‍රකාශ කළා.

එම අවස්ථාවේ සිටි බොහෝ දේශපාලනඥයින්ට නොමැති කියවීමක් රනිල් වික්‍රමසිංහ මහතාට තිබූ බවත් පෙන්වා දුන් ඒ මහතා රනිල් වික්‍රමසිංහ අගමැති වන බවට සැලසුම් කර තිබුණේ අරගලයට පෙර අප්‍රේල් මාසයේ මැද භාගයේදී බවත් කියා සිටියා.

“එයත් එක්ක ඕවා කතා කරලා වැඩක් නෑ. එයා අගමැති වෙන්න ඇඳුම් මහගෙන ඉන්නේ” යැයි රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවට ගිය අරගලයේ පිරිසක් තමන්ට පැවසූ බව ඔහු පෙන්වා දුන්නා.

ඒෂියන් මිරර් සමඟ පැවැති මතවාද වැඩසටහනේ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: